Saturday, February 18, 2012

Information Communication Technology Lesson

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ(ICT) භාවිතය සහ එහි බලපෑම


2.1 අධ්යාපනය සඳහා ICT
පරිගණක(සහ තොරතුරු තාක්ෂණය) ප්රධාන වශයෙන් අධ්යාපන ක්ෂෙත්රයේ ඉගැනුම්, ඉගැන්වීම් සහ පරිපාලනය යන අංශ සඳහා භාවිතාවේ. ශ්රව් දෘශ් මෙවලම්(Multimedia) භාවිතයෙන් හා පරිගණක මගින් පංති කාමරෙයේ මෙන්ම Internet වැනි පහසුකම් මගින් දුරස්ථව පවා අධ්යාපන කටයුතු සිදු කරයි. පහසුවෙන් තොරතුරු ගබඩා කරගැනීම, බෙදාගැනීම සහ ඒවා නැවත අවශය විටක ලබාගැනීමට පහසු වීම නිසා ඉගැනුම් ඉගැන්වීම් ක්රියා තවදුරටත් පහසු වේ.
එසේම පාසැල්, විශ්වවිද්යාල ආදී අධ්යාපනික ආයතන තුල පරිපාලනය, විභාග ප්රතිඵල, ශිෂ් දත්ත ගබඩාවට වැනි අවශ්යතා සඳහා පරිගණක භාවිතාවේ.
2.2 ගිණුම් සහ බැංකු කටයුතු සඳහා
තොරුතුරු තාක්ෂණය යොදාගනිමින් ගිණුම්ගත සටහන් කරණය, වෙළඳ කටයුතු, තොග පාලනය, බැංකු කටයුතු, ATM (ස්වයංක්රීය ටෙලර් යන්ත්) භෘවිතය සහ අන්තර්ජාල හරහා පවා බැංකු සහ ගිණුම් කටයුතු ආදිය සිදුකර ගත හැක.
උදාහරණ,
  • POS (Point of sale) – සුපිරි වෙළඳ සැල් වල සහ මධ්යම ප්රමාණයේ වෙළඳ අයකැමි(Cashier) ගණුදෙනු කිරීම සඳහා යොදා ගැනෙන
  • Inventry control – භාන්ඩ තොග පාලනය සඳහා ඇති පරිගණක මෘදුකාංග.
  •  
2.3 ප්රවාහනය
දුම්රිය සහ ගුවන් ටිකට් පත් වෙන් කිරීම, ප්රවාහණ කළමනාකරණය සහ මහා මාර්ග තදබදය පාලනය කිරීමේ සිට සවයං ක්රීය ධාවන වැඩසටහන්(ගුවන් යානාවල Auto Pilot තාක්ෂණය) දක්වා තොරතුරු තාක්ෂණය භාවිතා වේ.
2.4 වෛද්
නවීන වෛද් උප කරණ භොහෝමයක් පරිගණක තාක්ෂනය මත යැපෙයි. මේවා සඳහා බොහෝදුරට built-in computer සහ embedded operating system වලින් සමන් විතය.
මීට අමතරව රෝහල් පද්ධතිය කළමනාකරණය සම්බන්ධ මෘදුකාංග භාවිතයද අද බහුල වෙමින් පවතී. අවශ් තොරතුරු ඉක්මනින් ලබාගත හැකි වීම නිසා රෝගීන්ට ලැබෙන සේවාව මෙන්ම මුලු වෛද් ක්ෂේත්රයම වීමට තොරතුරු තාක්ෂණය ඉවහල් වී ඇත.
2.5 ආරක්ෂක
රාජ්යයක හෝ ආයතනයක හෝ පුද්ගලික මට්ටමේ හෝ ආරක්ෂා කටයුතු සඳහා බහුල වශයෙන් පරිගණක සහ තොරතුරු තාක්ෂණය භාවිතා වේ. සාමාන් දත්ත ගබඩාවක සිට යුද මෙහෙයුම් වැනි ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනේ.
උදාහරණ
  • ස්වයන්ක්රීය ආරක්ෂක පද්ධති
  • හඳුනා ගැනීම්(ඇඟිලි සලකුණු, මුහුනු, ඇස්)
  •  
2.6 ඉන්ජිනේරු
කර්මාන්ත සහ ඉන්ජිනේරු ක්සේත්රවල බහුලව භාවිතාවේ. ඉන්ජිනේරු සැලසුම්කරණය සහ නිර්මාණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය CAD (Computer Aided Design) සහ CAM(Computer Aided Manufacturing) ලෙස හඳුන්වයි. සැලසුම්කරණය නොහොත් CAD සඳහා මෘදුකාංග බොහෝමයක් ඇත.

2.7 විනෝදාස්වාදය
විනෝදාස්වාදය වෙනුවෙන්ම නිපද වුනු පරිගණක ක්රීඩා සිට චිත්රපටි නිර්මාණය, සංගීත නිර්මාණය වැනි දෑ අද මුලුමනින්ම පරිගණකය මත යැපෙන තත්වයකට පත්වී ඇත. පරිගණකය හරහා චිත්රපටි සංගීත වැනි විනෝදාස්වාදය සපයන අංශයන් වඩා උසස් මට්ටමකන් ඉදිරිපත් කිරීමට හැකිව තිබේ.
2.8 තොරතුරු තාක්ෂණයේ වැදගත්කම
තොරතුරු තාක්ෂණ් එය භාවිතා කරන්නන්ට බොහෝ ප්රොයෝජන අත්කර දෙයි.
1.    අධ්යාපනය සිත්ඇදගන්නා ලෙස ඉදිරිපත් කිරීමට හැකිවීම.
2.    සම්බන්ධීකරණය (email, telephone)
3.    සාක්ෂරතාවය හිඟකම නිසා තොරතුරු හුවමාරු කිරීමේ නොහැකියවා අභිබවා යෑම. (වීඩියෝ සහ හඬ භාවිතයෙන් පනිවුඩ හුවමාරුව)
4.    ගවේශන සහ තොතුරු හුවමාරුව සඳහා සහය ලබාදෙයි.
5.    රැකීරක්ෂ සඳහා තොරුතුරු හුවමාරුවට සහය දෙයි.
6.    නව රැකියා අවස්ථා සලසා දෙයි(තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ)
7.    දුර සිටින ලැබැඳියන් හා සම්බන්ධතාව වැඩි කරයි.
8.    විනෝදාත්මක අවස්ථා ලබාදෙයි.
9.    වඩා තාත්වික තොරතුරු ලබාදෙයි.
10.                       දුර සිට අධ්යාපනය ලැබීමේ පහසු කම ලබාදෙයි.
11.                       සෞඛ් තොරතුරු ලබාදෙයි.

No comments:

Post a Comment